දැක්ම

 “ සම්ප්‍රදායික මිරිදිය ධීවර කර්මාන්තයෙන් ඔබ්බට ගිය තිරසර මිරිදිය ධීවර කර්මාන්තයක් ”

        මෙහෙවර

 “ පළාතේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලීම සහ ධීවර ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ආර්ථික, සමාජයීය අභිවෘද්ධිය වෙනුවෙන් පහසුකම් සැපයීම ”

        කාර්යයන්

  •  මත්ස්‍ය ඇඟිල්ලන් ජලාශවලට මුදාහැරීම.

  •  ඉස්සො කීටයන් ජලාශවලට මුදාහැරීම.

  •  දැල්කූඩු තුළ මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම.

  •  පොකුණු තුළ මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම.

  •  මිරිදිය ධීවර ආම්පන්න ලබාදීම.

  • විසිතුරු මත්ස්‍ය වගා කර්මාන්තය සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.

  • විසිතුරු මත්ස්‍ය වගා ඒකක සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීම.

  • ජලාශවල ආක්‍රමණික ශාක ඉවත් කිරීමට කටයුතු කිරීම.

  • මත්ස්‍ය අලෙවිකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම.

  • අලෙවිසැල් හා තොටුපල සංවර්ධනය කිරීම.

  • අගය එකතු කල නිෂ්පාදන වැඩිදියුණු කිරීම.

  • පසු අස්වනු හානිය අවම කිරීමට අදාල කටයුතු සිදුකිරීම.

  • ධීවර බහුකාර්ය ගොඩනැගිලි නඩත්තු කිරීම හා අලුතින් ඉදිකිරීම.

  • ධීවර ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.

  • ධීවර සමිති සවිබල ගැන්වීමේ කටයුතු සිදුකිරීම.

  • ධීවර සමිති සාමාජිකයින්ගේ ආකල්ප හා දැනුම වැඩිදියුණු කිරිමේ වැඩසටහන් ව්‍යාප්ත කිරීම.

  • රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම හා කුසලතාවය සංවර්ධනය කිරීමේ වැඩසටහන් ව්‍යාප්ත කිරීම.

  • මිරිදිය ධීවර ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය ආයතනවල භෞතික සම්පත් වැඩිදියුණු කිරීම.

  • මත්ස්‍ය අස්වනු ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම.

        පසුබිම

ඌව පළාතේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන බැවින් ඒ වටා ජලාශ විශාල සංඛ්‍යාවක් ව්‍යාප්තව ඇත. එම ජලාශවල කෘෂිකර්මාන්තයට අමතරව ධීවර කර්මාන්තය සිදු කරනු ලබන ධීවර කාර්මිකයින් 2070 වෘත්තියක් වශයෙන් මෙම කර්මාන්තය තෝරාගෙන ඇත.
ඌව පළාත තුළ ධීවර කර්මාන්තය සිදු කරනු ලබන ජලාශ,
  • විශාල ජලාශ- Major Tanks
  • මධ්‍යම ජලාශ- Medium Tanks
  • කුඩා ජලාශ – Minor Tanks වශයෙන් ජලාශ ව්‍යාප්තව ඇත.
පළාතේ ජලාශවල ව්‍යාප්තිය සලකා බැලීමේ දී මොනරාගල දිස්ත්‍රික්කය පුරාම ජලාශ ව්‍යාප්තව ඇතත් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන, රිදීමාලියද්ද, කන්දකැටිය, මීගහකිවුල හා ඉහළ ඌව ප්‍රදේශයේ ජලාශ ව්‍යාප්තව ඇත.එසේම මත්ස්‍ය ප්‍රභේද කීපයක් මෙම ජලාශවල ස්තර අනූව ව්‍යාප්තව ඇත.

මෙම මත්ස්‍යයින් ස්වාභාවික අභිජනනය(Auto breeding) ඉතා අඩු මට්ටමක පවතින අතර එම නිසාම ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරීම සිදු කළ යුතු ය. තව ද එය වාර්ෂිකව අඛණ්ඩව සිදු කිරීම කළ යුතුව ඇත. එහිදී පහත සඳහන් අභිජනන මධ්‍යස්ථාන වලින් මත්ස්‍ය ඇසිත්තන්, ඇඟිල්ලන් ලබාගැනීමට කටයුතු කරනු ලැබේ.

  • – උඩවලව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය                            – දඹුල්ල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය
  • – ඉඟිනියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය                        – කහදමෝදර මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය
  • ඊට අමතරව කුඩා පරිමාණ මත්ස්‍ය බීජ ඒකක සඳහා ද මත්ස්‍ය ඇඟිල්ලන් ලබා ගැනිමට කටයුතු කරනු ලැබේ.
  • කණ්ඩියපිට මත්ස්‍ය බීජ ඒකකය                                    අලුගල්ගේ මත්ස්‍ය බීජ ඒකකය
  • මුතුකණ්ඩිය මත්ස්‍ය බීජ ඒකකය                                    ඩෝසර් වැව මත්ස්‍ය බීජ ඒකකය
  • කෙසෙල්ලන්ද මත්ස්‍ය බීජ ඒකකය                                 මාපාකඩ වැව මත්ස්‍ය බීජ ඒකකය
  • නව මැදගම මත්ස්‍ය බීජ ඒකකය
මෙම ජලාශවල ධීවර කර්මාන්තය අඛණ්ඩව සිදු කරනු ලබන අතර, එමඟින් වාර්ෂිකව ඉහල මත්ස්‍ය අස්වැන්නක්  නෙලා ගැනීමට කටයුතු කර ඇත.
එසේම විසිතුරු මත්ස්‍ය වගාව සඳහා ද පළාතේ හොඳ විභවතාවයක් පවතින අතර, ඊට උචිත දේශගුණයක්ද පළාත තුළ පවතී.