සේවාවන්


අමාත්‍යාංශයෙන් පුරවැසියාට

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රධාන විෂයයන් ඔස්සේ පළාතේ ප්‍රජාවව සඳහා සේවාවන් සපයනු ලැබේ.

  • කෘෂිකර්ම
  • වාරිමාර්ග
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය
  • මිරිදිය ධීවර
  • කෘෂිමාර්ග
සංවිධානයෙන් රාජ්‍ය ආයතන සඳහා

පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ජාතික වශයෙන් සම්පාදනය කරනු ලබන කෘෂිකර්ම, පශු සම්පත්, මිරිදිය ධීවර, ගොවිජන සංවර්ධන, පරිසර හා සංචාරක විෂයන් ආශ්‍රිතව ගන්නා ප්‍රතිපත්ති තිරණ පළාත තුළ ක්‍රියාත්මක කිරිම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහාය වේ. ඒ හරහා සමස්ථ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පළාත තුළින් ලබාදිය හැකි දායකත්වය අමාත්‍යංශය මඟින් ලබා දෙනු ඇත. මේ සඳහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් අමාත්‍යංශය සතුව පැවතුනත් තවදුරටත් එම සම්පත් සංවර්ධනය කිරිම තුළින් වඩාත් කාර්යක්ෂම සේවාවන් ලබා දිමට හැකිවනු ඇත.

ව්‍යාපාර සඳහා

අමාත්‍යංශය යටතේ ඇති පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වන බොහොමයක් වැඩසටහන් තුළින් පළාත තුළ විසිරි සිටින කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබේ. උදාහරණ වශයෙන් අගය එකතු කල කෘෂිකාර්මික නිෂ්පාදන, ව්‍යාපාර වල නිරත වන්නන් සඳහා අවශ්‍ය දැනුම, තාක්ෂණය, උපකරණ ලබාදිම, තාවාන් පාලනය ආශ්‍රිත ස්වයං රුකියාවන් හි නියුක්ත අයට අවශ්‍ය පුහුණුව ලබාදිම, ආර්ථික බෝග වගාව, මී මැසි පාලනය, බිම්මල් වගාව ආදි කටයුතු වල නියැලෙන්නන් සඳහා ද වෙලඳපොළ සම්බන්ධතා ඇති කිරිම සඳහා ආධාර ලබාදිම ආදිය මෙන්ම පළාත් සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව මඟින් කිරි ආශ්‍රිත නිෂ්පාදන (යෝගට්, මුදවාපු කිරි, අයිස් ක්‍රීම්) ව්‍යාපාරිකයන් සඳහා ද සේවාවන් සපයනු ලැබේ. ඊට අමතරව පළාත තුළ විසිරි සිටින මත්ස්‍ය නිෂ්පාදන අලෙවිකරුවන් සඳහා ද සංචාරක ආකර්ෂණිය ස්ථාන ආශ්‍රිත සුළු පරිමාණ වෙලෙන්දන් සඳහා ද අවශ්‍ය පහසුකම් ලබා දෙනු ඇත. ඌව පළාත් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව හෝටල් කරුවන්ගේ දැනුම හා ආකල්ප දියුණු කිරිම සඳහා ද පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරයි.