අපගේ දැක්ම

පෝෂණයෙන් සපිරි සෞභාග්‍යමත් ඌව වෙල්ලස්සක්

අපගේ මෙහෙවර

ජල සම්පතෙහි අගය සුරැකෙන වාරිමාර්ග පද්ධතියක් සමඟ භූමියෙන් ප්‍රශස්ත උපයෝජනයක් ලැබෙන  අයුරින් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර ක්ෂේත්‍රවල  කාර්යක්ෂම හා ඵලදායි දායකත්වයක් ලබාදිම තුළින් පළාතේ ජනතාවගේ තිරසාර සමාජ, ආර්ථික සංවර්ධනයක් ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය, සම්බන්ධිකරණය,මෙහෙයවීම හා පසු විපරම් සිදු කිරිම

                                                             සංවිධාන පසුබිම

13 වන ආණ්ඩුක්‍රම ප්‍රකාරව 1987 අංක 47 දරණ පළාත් සභා පණත යටතේ බලය විමධ්‍යගත කිරිම පිණිස පිහිටුවනු ලැබු පළාත් සභා ක්‍රමය හරහා පළාත් සභාවට ලැබුණු විවිධ විෂයන් සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය පිණිස අමාත්‍යංශය පිහිටුවනු ලැබු අතර ප්‍රධාන වශයෙන් පළාත තුල කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරිම සඳහා මෙම අමාත්‍යංශය පිහිටුවා ඇත. ඒ අනුව ඌව පළාතේ ප්‍රජාවට අත්‍යාවශ්‍ය සේවාවන් ලබාදිම සඳහා පළාතට ගැලපෙන සංවර්ධන කටයුතු අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. වර්තමානයේ කෘෂිකර්ම විෂයට අමතරව වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, හා මිරිදිය ධීවර කර්මාන්ත සංවර්ධන විෂයන්ට අනුව මුලික මෙහෙයුම් ඒකක ලෙසද අමාත්‍යංශය ක්‍රියා කරයි.

කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනින් ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඵලදායිතාව වැඩිදියුණු කිරිම, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරිම, කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිය හා තාක්ෂණික සංවර්ධනය, කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්ත වැඩිදියුණු කිරිම, කෘෂිකර්මය ආශ්‍රිත ආයතනවල කටයුතු ශක්තිමත් කිරිම යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධන වැඩසටහන් සැලසුම් කර ඇත.

සත්ව නිෂ්පාදන විෂයට අදාලව ඌව පළාත තුල පශු සම්පත් ක්ෂේත්‍රයේ නිෂ්පාදනය හා ඵලදායිතාවය සංවර්ධනය, ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරිම යන ප්‍රධාන සංරචක ඔස්සේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ.

වාරිමාර්ග සංවර්ධන විෂය හරහා පළාත තුල නව සහ පවතින වාරිමාර්ග පද්ධති නඩත්තු කිරිම, අළුත්වැඩියා කිරිම හා වැඩිදියුණු කිරිමට අදාලව වැඩසටහන් මෙන්ම ගොවි ප්‍රජාවගේ කෘෂිකාර්මික කටයුතු නිෂ්පාදන අලෙවි කටයුතු පහසු කර ගැනිම සඳහා අවශ්‍ය විවිධ පහසුකම් ද සපයනු ලැබේ.

මිරිදිය ධීවර සංවර්ධන වැඩසටහන යටතේ ඌව පළාත තුල මිරිදිය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක වන අභ්‍යන්තර ජලාශවල මත්ස්‍ය ගහණය වර්ධනය කිරිම, පොකුණු ආශ්‍රිත මත්ස්‍ය නිෂ්පාදනය, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන හා මත්ස්‍ය නිෂ්පාදන අලෙවිය හා සම්බන්ධ සංවර්ධන වැඩසටහන් පළාත තුල ක්‍රියාත්මක වේ. ඊට අමතරව ඌව පළාත තුල විසිරි සිටින ධීවර ප්‍රජාවගේ මුලික සමාජමය අවශ්‍යතා සඳහා අධාර මිරිදිය ධීවර වැඩසටහන තුලින් ලබාදේ.

වර්තමානයේ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ පරිපාලන කටයුතු අමාත්‍යංශ ලේකම් ජේ.එම්.යූ.කේ.ජයසේකර මැතිතුමාගේ මෙහෙයවිම යටතේ සිදු කෙරේ.